Posts

Showing posts from July, 2020

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්  🤓 👇 වැසි වනාන්තර ලෝකයේ පැවැත්මට ඉතා විශාල දායකත්වයක් දක්වන පද්ධතීන්. විශාල වැසි වනාන්තර මඟින් ටොන් ගණනාවක කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය ක ර ඔක්සිජන් වා තලයට මුදා හරිනවා. එමෙන්ම ඒවා තුළ ජල උල්පත් රාශියක් ආරක්ෂා වී තිබෙනවා. තව ද මේවා සත්ත්ව විශේෂයන් රාශියකට ජීවත් වන්නට නිවහනකුත්, රැකවරණයත් සලසනවා. මේ සටහන ලොව විශාලතම වැසි වනාන්තර අතුරින් ලොව වඩා කතාබහට ලක් වෙන 6ක් පිළිබඳව යි. 👉  ඇමසන් වැසි වනාන්තරය  🌳 ඇමසන් වැසි වනාන්තරය ලොව විශාලතම වැසි වනාන්තරය යි. මෙය දකුණු ඇමෙරිකා මහාද්වීපයේ ඇමසන් ද් ‍ රෝණියේ වැඩි කොටසක් වසාගෙන පැතිරී තිබෙනවා. මෙහි භූමි වපසරිය අක්කර බිලියන 1.7කටත් වඩා අධික යි. මෙම වැසි වනාන්තරය බ් ‍ රසීලය, පීරු, කොලොම්බියා, වෙනසුවේලා, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය, හා ප් ‍ රංශ ගයනාව යන රටවල්වල කොටස් වසාගනිමින් පැතිරී තිබෙනවා. මෙම වනාන්තරයෙන් 60%ක් පවතින්නේ බ් ‍ රසීලය තුළ යි. බ් ‍ රසීල ඇමසන් වනය සති 4ක පටන් තවමත් දැවෙමින් පවතිනවා. බ් ‍ රසීල ජනපතිගේ ක් ‍ රියාකලාපය මෙයට වගකිව යුතු බව ලොව වටා පරිසරවේදීන් සහ පරසර සංවිධානයන් චෝදනා කරනවා. 👉