ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිලිබඳ තොරතුරු බිඳක්...

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් 2011 ජුලි මස සිට කොලඹ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ සහ ආවරණ වන පරිදි 2006/07 පදනම් වර්ෂය ලෙස සලකා කොලඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කරන ලදී.


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකයවන අතර එය 2015 නොවැම්බර් මස සිට මාසිකව අදාල ලිත් මාසය අවසන් වී දින 21කට පසු පත්කරනු ලැබේ. 


නව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ බර තැබිම 2012/13 වර්ෂයේ පාරිභෝගිකයාගේ වියදම් රටාව පිලිඹිමු වන ආකාරයට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයන්ට  අනුව සකස් කර ඇත.

පාරිභෝගික මිල දර්ශකයක් මගින් ලැබෙන ප්‍රයෝජන,

  • පරිභෝජන කරනු ලබන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වල සාමන්‍යය වෙනස් වීම මැනීමේ මිනුම් දර්ශකයක් ලෙස හා උද්ධමනය මැනීමේ මූලික මිනුමක් ලෙස මෙය භාවිතා කරයි.
  • සමාජ ආර්ථික දත්ත විශ්ලේෂණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් ප්‍රධාන වශයෙන් මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් වැටුප් හා මූල්‍යමය ආදායම් උපනතින් (tendency) විශ්ලේෂණය මගින් වැටුප් ගැලපීම් සඳහාද පාරිභෝගික මිල දර්ශකය උපයෝගී කර ගනී.
  • ජාතික ආදායම් ගණනය කිරීමේදී මිලෙහි සිදුවන වෙනස්වීම්වලට අනුරූපීව පවත්නා අගයන් ගැල්පීම් සඳහා එක් ප්‍රධාන අවධමනයක් (deflation) ලෙස පාරිභෝගික මිල දර්ශකය භාවිතා කරන අතර රටෙහි සමස්ත උද්දමනය මැනීමේ දර්ශකයක් ද වේ.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මහ කොළඹ නාගරික ප්‍රදේශය සඳහා පමණක් සීමාවන මිල දර්ශකය 1953 සිට 2008 අප්‍රේල් මස දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික නාගරික ප්‍රදේශ සඳහා පමණක් සීමාවන මිල දර්ශකයක් 2008 මැයි මාසයේ සිට මේ දක්වා ගණනය කර ප්‍රකාශයට පත්කෙරේ.

කෙසේ වෙතත් මුළු රටම ආවරණය වන පරිදි මිල වෙනස්වීම් ගණනය කිරීම් සඳහා වන දර්ශකය අවශ්‍යතාවයන් මතු වී තිබුණ ඉහත සඳහන් කල පරිදි මුල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ දී හා ප්‍රතිපත්ති තීරණවල ඵලදයීතාව වැඩි කිරීම සඳහා ජාතික දර්ශකයක් අවශ්‍ය වේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම තුලින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තොරතුරු පුළුල් පරාසයකට වර්ධනය වී ඇත.

නව ජාතික පාර්භෝගික මිල දර්ශකය (පදනම 2013=100) සඳහා වන බර තැබීමේ ව්‍යුහය 2012/13 වර්ශ වලදී සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ශණය (2012/13) සඳහා ගෘහ ඒකකයන් සිදුකරන සියළුම ආකරයේ වියදම් අන්තර්ගත වන අතර එම තොරතුරු මගින් රටේ සෑම ගෘහ කාණ්ඩයක්ම නියෝජණය වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ශය ලෙස 2013 වර්ශය සලකා ඇත.


කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා කොළඹ නාගරික සීමාව තුල මධ්‍යස්ථාන 14 කින් භාණ්ඩපැස සඳහා මිල ගණන් රැස් කිරීම සිදු කරනු ලැබේ.  ජාතික පාර්භෝගික මිල දර්ශකය සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයේ මිල රැස් කරන මධ්‍යස්ථාන 3කින් භණ්ඩ පැස සඳහා මිල ගණන් එකතු කරනු ලැබේ.

අන්තර් ජාතික සම්මත වර්ගීකරණයන්ට අනුව භාණ්ඩ පැස ප්‍රධාන කාණ්ඩ 12කින් සමන්විත වන අතර මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය කාණ්ඩය හා ආපනශාලා සහ හෝටල් කාණ්ඩය යන කාණ්ඩ 2 ඒ අතර වේ. නමුත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය සඳහා වන කාණ්ඩය ඇතුලත් නොවු අතර ආපනශාලා සහ හෝටල් කාණ්ඩය ආහාර කාණ්ඩය යටතට ඇතුලත් කර ප්‍රධාන කාණ්ඩ 10ක් ලෙස දක්වා ඇත. ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව ඉහත දැක්වු කාණ්ඩ 2 ද සමඟ ප්‍රධාන කාණ්ඩ 12ක්  යටතේ ලබා ගන්නා දර්ශකාංකවල භරිත සාමන්‍ය අගය ජාතික පාරිභෝගික මිල දර්ශකය ලෙස ගණනය කරනු ලැබේ.

උද්ධමනය 


පාරිභෝගික මිල දර්ශකවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින්  ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ සහ සේවා නියෝජනය වන භාණ්ඩ පැසෙහි පොදු මිල මට්ටම් ගණනය කෙරේ.









Comments

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්