ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්
මා විසින් ලංකාවේ පවතින සහ ඉදිවෙමින් පවතින බලාගාරයක් වන සූර්ය විදුලි බලාගාර පිලිබඳ ලිපි දෙකක් ඉදිරිපත් කලා එම ලිපි දෙක කියෙවුවෙ නැත්තන් පහත ලින්ක් එක දාල තියෙනවා කියවල බලන්න. අද මම ඉදිරිපත් කරන්න හිතුවා තවත් වැදගත් වෙන විදුලි බලාගාරයක් වන ගල් අගුරු බලාගාරය ගෙන, ලංකාවේ විශාලතම බලාගාරය ලෙස හැදින්වෙන නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය හෙවත් ලක්විජය බලගාරය ගෙන ලිපියක්,
මෙම බලාගාරය පිහිටා තිබෙන්නේ නොරොච්චෝලේ, පුත්තලමේ දකුනෙන් කල්පිටිය පෙනින්සුලම ප්‍රදේශයේ වේ. මෙම බලාගාරය නිර්මාණය කරන්නේ 2006 මැයි 11 වන අතර පලමු කොටස නිමා කෙරුනේ 2011 මාර්තු 22 වේ. එහි පලමුවෙන් සාර්ථකව මෙගාවොට් 300 ක් මුදා හැරි අතර එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවිය. අවසන් අදියර හෙවත් තුන්වන අදියර නිමා වුයේ 2014 සැප්තැම්බර් මාසයේ වේ.මෙම බලාගාරයෙන් මුළු විදුලිය මෙගාවොට් 900 ක් නිශ්පාදනය කෙරේ. මෙම සමස්ත ධාරිතාව අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ රැහැන් හරහා අනුරාධපුරයෙන් හා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ වේ.

දෙවැනි සහ අවසන් ගල් අඟුරු බලාගාරයක් ලෙස ත්‍රිකුණාමලයේ සම්පුර් ප්‍රදේශයේ 2017 වර්ශයේ ඉදි කර අවසන් වීමට නියමිතව තිබුනත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව 2016 සැප්තැම්බර් 13 මෙම සම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි කිරීම සම්පුර්ණයෙන් නවත් වන ලදී.
http://ity.im/cGBTl - ශ්‍රී ලංකාවේ පලමු ස්වභාවික හිතකර ව්‍යාපෘතිය
http://ity.im/dE8cp - ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය
Comments
Post a Comment