ශ්‍රී ලංකාවේ පලමු ස්වභාවික හිතකර ව්‍යාපෘතිය...





සූර්ය බලාගාරය


Vydexa (Lanka) Power Coperation ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙගා වොට් 10 සූර්ය බලාගාරයක් කත්තන්සින්කුලම් වවුනියාව පිහිටා ඇත. එහි සූර්ය පැනල 35,721 කින් සමන්විත අතර එහි එක් සූර්ය පැනලයකින් වොට් 350 ක් නිපද වේ. මෙම බලාගාරය හෙක්ටයාර 22ක් පුරා පැතිරී ඇති අතර, ශ්‍රී ලංකාවේ පලමු ස්වභාවික හිතකර ව්‍යාපෘතියයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස වාර්ශිකව මෙට්‍රික් ටොන් 3800 ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි වන අතර තාපගාර නිපදවීම සඳහා ද මේ සමාන ශක්තියක් අවශ්‍යය වේ. මෙහි අතුරු ඵලයක් ලෙස වාර්ශිකව මෙට්‍රික් ටොන් 16,000 කාබන් ඩයොක්ස්යිඩ් දුෂණය අවම වී ඇත. මෙම සූර්ය බලාගාරය නිසා තවත් අමතර වාසි ලෙස ග්‍රාමීය යටිතල පහසුකම් දියුණුවද,මාර්ග ජාලයද, වීදි පහන් දැල්වීමද ආගමික ස්ථාන සහ තවද ඍජුව හා වක්‍රව රැකියා අවස්තා ගොඩ නැංවේ. මෙම සූර්ය පැනල මගින් දිනකට සහ අවුරුද්දකට අවශ්‍යය සූර්ය ශක්තිය ගබඩා කිරීමට හැකියාව ඇත.

සාමාන්‍යයෙන් සූර්ය බලාගාරයක් සකස් කරන්නේ මුඩු හෝ පාළු ඉඩම් වල වේ. මෙයට හේතුව මෙම විශාල සූර්ය බල ශක්තිය ඵලදායි අවස්ථාවන් හෝ ඵලදායී දෙයක් සඳහා භාවිතා කිරීමට හැකියාව ඇත. මෙම බලාගාරය පිහිටා ඇති සථානය බොරළු කැනීම් සඳහා කලින් යොදා ගන්නා ලද්දකි. සුර්ය බලය මගින් නවතම දේවල් නිපදවීමට හැකියාව ඇත, මෙම ශක්තිය ශ්‍රී ලංකාව වැනි රටකට අත්‍යවශ්‍යය වේ. ජනයා, ස්වභාවික පරිසරයට වෙනසක් නොවී සියළුම ජාතික සම්පත් ආරක්ෂා කරමින් අප රටේ කාර්මික දියුණුව සහ නවතම අවස්ථාවන් ගොඩ නැංවිය යුතුය. මෙම බල ශක්ති අංශය අප රටේ විශේෂයෙන් අළුත් විය යුතුය. මෙම සුර්ය ශක්තිය විශේෂ අංගයක් ආයෝජනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යොමු විය යුතු, රාජ්‍යය, ආර්ථික හා කර්මාන්ත යන අංශ වල දියුණුව සඳහා බල ශක්තිය ගොඩක් වැදගත් අංගයකි.





සූර්ය පැනලයක ක්‍රියාකාරිත්වය පිලිබඳ වීඩියෝවක් ඇත. ඔබේ දැනුම තවත් වැඩි කර ගැනීමට මෙය click කරන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය ගෙන විස්තර දැන ගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.

Comments

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්