ඔබේ දැනුමට බිදක්....



කඩොලාන (Mangroves) වටින්නේ ඇයි?


  • අනිකුත් ශාක වලට වඩා වැඩි ප්‍රමාණයක්(දල වශයෙන් 5 ගුනයක්) කාබන් ගබඩා කරයි.
  • ධීවර කර්මාන්තයට වාසි රැසක් දෙයි.
  • මත්ස්‍යයින් කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව බහුලව ගැවසෙන අතර මත්ස්‍යයින් ගැඹුරු මුහුද කරා යන්නේ බිත්තර දමන කාලයට පමණි.
  • එමනිසා ධීවරයින්ට මත්ස්‍ය සම්පත නෙලා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිවේ.
  • භූමිය ආරක්ෂා වෙයි.
  • සුලි සුළං, මුහුදු රළ, වෙරළ වාදනය අවම වීම කඩොලාන වලින් සිදුවේ. එමගින් භූමිය මෙන්ම මනුෂ්‍ය ජීවිතද ආරක්ෂා වේ.
  • ඖෂධීය වශයෙන් ප්‍රයෝජනවත් පැලෑටියකි.
  • කඩොලාන කිරල කිරි/කැඳ වැනි ඖෂධීය පානයක් සැකසීම සදහා මෙන්ම කිරල  මූඩි සැකසීමටද ප්‍රයෝජනවත් වේ.
  • පරිසරයට අලංකාරයක් ගෙන දෙයී.
  • දිය උල්පත් සාදන අතර ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කරනු ලබයි.
  • ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන රක්ශිත පිහිටා ඇත්තේ,පුත්තලම් කලපුව , කලා ඔය ප්‍රදේශය සහ ත්‍රිකුණාමලය වේ.
  • ශ්‍රී ලංකාව පුරා මුළු හෙක්ටයාර 12,189 කඩොලාන ව්‍යාප්තිවී ඇත.

Comments

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්