මුතුරාජවෙළ තෙත් බිම ගෙන ඔබ නොදත් දේ ..............

 ගම්පහ දිස්ත්‍රික්කයට අයත්, හෙක්ටයාර 1285 ක් පුරා පැතිරුනු මුතුරාජවෙල අභය භූමිය ඉතා ඉහල ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි. ලන්දේසින් විසින් නිර්මාණය කරන ලද මෝඩ ඇල ඔස්සේ කරදිය ගලා ඒම නිසා එම කාලයේ තිබු කුඹුරු යාය නිසරු වී ඇත. මෙම මුතුරාජවෙල භූමිය බටහිර වෙරළ තීරය තුල පැතිරුණු උතුරින් මීගමු කලපුවත්, දකුණින් කැළණි ගඟත්, බටහිරින් වෙරළ තීරයත් හා නැගෙනහිරින් කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයෙන්ද සීමා මායිම්ව ඇත.



මෙම කිවුල් දියට ආවෙණික වු කඩොලාන පරිසරයකින්ද, දේශීය විදේශිය පක්ශින් හා උභය ජීවීන් කෘමි විශේෂ හා ජලජ පැලෑටි වලින් ස්වයං පෝෂිත වේ. මෙම ප්‍රදේශයේ මත්ස්‍යයින් හා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරයි. එම නිසා මෙම ප්‍රදේශය ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයට ඉතා හොඳ දායකත්වයක් ලබා දෙයි.

ඉතාම ජනා කීර්ණ ප්‍රදේශයක් වන කොළඹ නගරයට හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙළ තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයටද ඍජු දායකත්වයක් ලබා දෙයි.

 හැමිල්ටන් ඇළ සහ ඕලන්ද ඇළ මෙම ප්‍රධාන ඇල මාර්ග දෙක මුතුරාජවෙල ඔස්සේ ගමන් කරයි. මේ නිසා මේ ප්‍රදේශයේ සොබා සෞන්ධර්ය තවත් වැඩි කර දෙයි. ද්‍රෝණි මෝය , කරදිය ජලය අවට ගංඟා වලින් එන ජලය සමග මිශ්‍රවී කලපුවේ ජීවින් සදහා මනා ජල රක්ෂණයක් ලබා දෙන ස්ථානයකි. තවද ගලා එන ජලයෙන් තරමක් හෝ පිරිසිදු කර මුහුදට යැවීමෙන්, අධික රොන් මඩ ප්‍රමාණයක් මුහුදට යාම වලකයි.

මේ ආකාරයට මුතුරාජවෙල තෙත් බිම මිනිසාට විවිධාකාරයෙන් සේවය ලබා දෙන වැදගත් ස්ථානයකි.


තව දුරටත් මුතුරාජවෙල ජෛව විවිධත්වය ගෙන දෙන ගන්න මේ පිටුවට  පිවිසෙන්න.

කඩොලාන පද්ධතිය ගෙන වැඩි විස්තර දැනගැනීමට මේ වෙබ් පිටුවට පිවිසෙන්න.

Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්