මුතුරාජවෙල ජෛවීය වශයෙන් වැදගත් කම



මුතුරාජවෙල ජෛවීය විවිධත්වය මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරයි.


මහ කඩොල් මණ්ඩ ගිංපොල් කැරැන් කොකු තෙල කීරිය,බැරිය, කටු ඉකිලිය වැනි කඩොලාන විශේෂ කිහිපයක් මෙම තෙත් බිමෙන් හමුවන අතර,
තවද කඩොලාන ශාක විශේෂ 29ක් හා
ඒ අශ්‍රිත ශාක විශේෂ 15ක් ද දැනට හදුනා ගෙන ඇත.

මඩකකුළුවා, මඩ පොකිරිස්සා කලිස්සා මට්ටි යන සතුන්ද,
දිමිත්තා, කපු හැන්දා, ඉලත්ති, හැලිවලං කොස්සා, කහකොරලියා ආදී විශේෂ මත්ස්‍යයන් දැකිය හැකිවේ.

මුතුරාජවෙල කුරුල්ලන් විශේෂ 221 ක් දැකිය හැකි අතර එයින්,
   වාර්තා නොවු කුරුළු විශේෂ 136ක්
   වාර්තා වන කුරුළු විශේෂ 85ක්
   තර්ජනයට ලක් වු විශේෂ 4ක්
කඩොල් කොකා, ඇලි කොකා, මුහුදු ලිහිණියා, සිලිබිල්ලන් යන පක්ෂින් ඒ ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ඇති අතර තවද,
සංක්‍රමණික පක්ෂින් අතර නිල් පෙඳ බිගුහරයා, වගුරු සිලිබිල්ලා, සේරුවා, කැස්පියන්, මුහුදු ලිහිණියා, අවිච්චියා ආදී පක්ෂින්  විශේෂ දැකිය හැකිවේ.

මුතුරාජවෙල වෙසෙන උරග විශේෂ 37 ක්
 ඉබ්බන් විශේෂ 2 ක්ද, කිරි ඉබ්බා හා ගල් ඉබ්බා වේ, තවද ගැට කිඹුලා තවත් එක් විශේෂයකි.


වගුරු බිම් තුල සර්ප විශේෂ 22 ඉන් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ 3ක් දෙපත් නයා, දිය බරියා ආදීන් වේ. තවත් සර්ප විශේෂ 6 ක් තර්ජනයට ලක්ව ඇත. පිඹුරා, දෙපත් නයා, කුණ කටුවා, දිය වර්ණයා, කුණු දිය කළුවා, රෙදි නයා වේ.


ඉතා අලංකාර සමනලුන් විශේෂ  67 ක් මෙහි වාර්තා වෙන සමනල විශේෂ අතර The Taway coster, The common Grass Yellow, The common Rose, The Red Pierrot, The Blue Admiral ආදීන් දැකිය හැකිය.

කුරන් විශේෂ 34 ක් ද මුතුරාජවෙල අභය භූමියෙන් වාර්තා වේ.


ජෛවීය විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක් ලෙස මෙම භූමිය නම් කිරීම ගෙන තවත් සාධක අවශ්‍යය නොමැතියයි මා සිතයි.





මුතුරාජවෙල අභය භූමියේ වැදගත්කම දැනගැනීමට මේ පිටුවට පිවිසෙන්න.

Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්