ශ්‍රී ලංකාවේ පලමුවෙන් කක්ෂ ගතවු චන්ද්‍රිකාව
ඊයේ දිනය එනම් අප්‍රේල් 22 වැනි දින ලෝක මිහිකත දිනයත් සමග නැවතත් රාවනා I චන්ද්‍රිකාව ගෙන කතා බහට ලක් වුනා ඒ සමග මට හිතුන රාවනා චන්ද්‍රිකාව පිළිබද පොඩි සටහනක් තබන්න.
රාවනා 1 හෙවත් ලංකාවේ පළමු චන්ද්‍රිකාව නිෂ්පාදනය කරනු ලැබුවේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පිඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යන් දෙදෙනෙක් විසිනි, ඔවුන් තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ වේ. ඔවුන් දෙදෙනා ජපානයේ කියුෂු අධ්‍යාපනික ආයතනයේ අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හදාරමින් සිටින විට මෙම අත්හදා බැලීම සිදුකර තිබෙන අතර මෙම චන්ද්‍රිකාව ජපානයේ ඔවුන් අධ්‍යනය යෙදී සිටින ආයතනයේදී නිර්මාණය සහ නිෂ්පාදනය කර ඇත. මෙය ඉන්පසු ජපානයේ Aerospace Exploration Agency ආයතනයට, 18 පෙබරවාරි 2019 බාර දෙන ලදී.
රාවනා චන්ද්‍රිකාව 2019 අප්‍රේල් 17 වෙනි දින International space station මුදා හැර ඇත්තේ ඇමරිකාවේ
Cygnus NG-11 හි කොටසක් වශයෙන්, මෙම චන්ද්‍රිකාව 400km ක් උසකින් 2019 ජුනි 17 වෙනිදා සාර්ථකව කක්ෂ ගතවිය. මෙම චන්ද්‍රිකාවේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1000ක් වන අතර බර 1.1kg වේ. මෙම චන්ද්‍රිකාව අවුරුදු එකහමාරක් වෙනි ආයු කාලයක් බව සඳහන් වේ.
මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ මෙන්ම ශ්‍රී ලංකාවට ආසන්න වෙනත් රටවල් වල ඡායාරෑප ගන්නා අතර මෙහි දිනකට ඡායාරෑප 50 ක් ලබාගනී. එම රාවනා I චන්ද්‍රිකාවෙන් සහ International Space Station ආයතනයෙන් ලබා ගත් ඡායාරෑප කිහිපයක්,
Comments
Post a Comment