Lyrids උල්කාපාත වර්ශාව

ගොඩක් දෙනා දන්න, මේ දිනවල කතා බහට ලක්වන ලයිරිඩ්ස් උල්කාපත වර්ශාව ගෙන ලිපියක් ඉදිරිපත් කරන්න මම හිතුවා, මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා ඊයේ එනම් අප්‍රේල් 16 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ලයිරිඩ්ස් (Lyrids) නම් උල්කාපාත වර්ශාව  දිස්වන බවත් මෙයින් අප්‍රේල් 22 වැනි දින උපරිමයෙන් මේ අවස්තාව දිස්වන බව ප්‍රකාශ කර ඇත.
             


තවදුරටත් මහාචාර්ය තුමා ප්‍රකාශ කරනවා උල්කාපාත වර්ශාව ඉතා හොඳින් දිස්වන්නේ උදෑසන හිරු නැගීමට පෙර පැය කීපය තුල බව, උදෑසන හිරුත් සමඟ බ්‍රහස්පති (Jupiter), සෙනසුරු (Saturn) සහ අඟහරු(Mars) යන ග්‍රහයන්ට ආසන්නයෙන්, ඉහලින් සහ බුධ ග්‍රහයාට ඉහලින් උතුරු ක්ෂිතජයේ දිස්වේ. මෙම දීප්තිමත් ලයිරිඩ්ස් (Lyrids) නම් උල්කාපතය පැමිණෙන්නේ ලයිරා(Lyra) නම් තාරකා මණ්ඩලයේ සහ මෙය වේග(Vega) නම් නිල්පාට දීප්තිමත් තාරකාව හරහා වේ. 
අප්‍රේල් 16-25 යන දිනවල සුළු උල්කාපාත දැකිය හැකි නමුත් අප්‍රේල් 22 උතුරු අහසේ මුණ ගැසෙනවා ඝන උල්කාපත වර්ශාවක්, මෙම උල්කාපත පතිත වීම වැඩි වෙනවා පැයකට 5-20 අතර බව මහාචාර්ය තුමා ප්‍රකාශ කර ඇත. 17 වැනිදායින් පසු චන්ද්‍රයා දිස් වීම සම්පුර්ණයෙන් ඉවත් වන අතර මෙම සංසිද්ධිය ඉතා කාන්තිමත් ලෙස කිසිදු බාධාවකින් තොරව දිස්වන බව ප්‍රකාශ කරයි. 

මේ දිනවල මිනිස් ක්‍රියාකාරකම් ඉතා අවම නිසා වායු දුෂණය මෙන්ම පාරිසරික දූෂණය අවම තත්වයක පවතී. මෙම කොරෝනා වසංගතය හේතුවෙන්, එයින් අකාශ ගවේශණය සඳහා ඉතා හොඳ කාලයක් මෙන්ම අහසෙන් ඇතිවන ප්‍රතිඵල ඉතා පැහැදිලි හා නිරවද්‍යයව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරයි. 

මෙම දකින මේ උල්කාවන් වසර 415කට වරක් හිරු වටා ගමන් ගන්නා C/1861 G1 (Thatcher)  නම් ධූම කේතුව තරුවක කක්ෂය අසලින් පෘථිවිය ගමන් ගන්නා විට එහි කක්ෂය හැලී ඇති කුඩා බොරළු කැට ප්‍රමාණයේ සිට දූලි අංශු දක්වා කුඩා කොටස් පෘථිවි ගුරුත්වාකර්ෂණයේ බලපෑම මත 48kms-1 පමණ වේගයෙන් පෘථිවියට ඇදී එනවිට පෘථිවි වායුගෝලයේ ඝර්ෂණය නිසා රත්වී පොලොවට 100km කට පමණ ඉහල අහසේ ගිනියම් වී දැවේ. 

මෙම උල්කාපත වර්ශාව නැරඹීමේදී ඇතිවන අපහසුතා අවම කර ගැනීමට ගෙවතු පුටුවක හෝ බිම ඇතිරිල්ලක වාඩි වී නරඹන ලෙස ද, තව දුරටත් ප්‍රකාශ කරනවා එම උල්කාපත වර්ශාව නැරඹීමට පෙර ඔබේ ඇස් අඳුරට හුරු කරන ලෙසත්, එනම් සියළු පහන් ආලෝක නිවා දමා විනාඩි 20ක් අඳුරේ සිටින ලෙස ද මහජනතාව දැනුවත් කරයි.


Comments

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්