මුඛ ආවරණ ( Mask )
දැනට ලෝකයේ මහත් ආනදෝලනාත්මක මාතෘකවක් වන COVID 19 වෛරසයත් සමඟ මුඛ ආවරණ භාවිතය පිලිබඳව බොහෝ දෙනාගේ අවදානයට යොමුවී තිබෙනවා. මෙයට හේතුව ප්‍රධාන වශයෙන් මෙම රෝගය ව්‍යාපත වන්නේ රෝග වාහක මිනිසාගේ ඛේටය මගින් යැයි සොයා ගෙන තිබෙනවා. එම රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුඛ ආවරණයක් පලදින ලෙස සෞඛ්‍යය අංශ මගින් දැනුවත් කර තිබෙනවා. ඔබ දන්නවාද ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ පිලිබඳව, ඒ ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණයකින් වන කාර්ය කෙටියෙන් මා මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නම්,
N95 Mask
මෙම මුඛ ආවරණය ප්‍රමිතියෙන් ඉහලම මුඛ ආවරණයකි, මෙමගින් වෛරස වලින් ආරක්ෂා වීම 95%ක් ද, බැක්ටීරියා හා දුවිලි අංශු වලින් 100% ක ආරක්ෂාවක් මෙම මුඛ ආවරණයෙන් ලබා දේ.
Surgical Mask
මෙම මුඛ ආවරණයද ප්‍රමිතියෙන් උසස් මුඛ ආවරණයක් වේ. මෙම මුඛ ආවරණය වෛරස වලින් ආරක්ෂා වීම 95%ක් වන අතර , බැක්ටීරියා හා දුවිලි අංශු වලින් 80% ක ආරක්ෂාවක් ලබා දේ.
FFP1 Mask
මෙම මුඛ ආවරණයද surgical mask එකේ ප්‍රමිතියෙන් යුක්ත වේ.
මෙම මුඛ ආවරණ තුනම ප්‍රමිතියෙන් උසස් සෞඛ්‍යය අංශ අනුමත කරන මුඛ ආවරණ වේ.
Activate Carbon Mask
වෛරස වලින් 10%ක ආරක්ෂාවක්ද, බැක්ටීරියා සහ දුවිලි අංශු වලින් 50%ක ආරක්ෂාවක්ද ලබා දේ.
මේ දිනවල බහුලව භාවිතවන cloth mask එක මගින් බැක්ටීරියා හා දුවිලි අංශු වලින් 50%ක ආරක්ෂාවක් ද, වෛරස මගින් ආරක්ෂාවක් නොමැත.
Sponge Mask
මෙම මුඛ ආවරණය මගින් ඉතා අවම ආරක්ශාවක් ලබා දෙන අතර, බැක්ටීරියා හා දුවිලි අංශු වලින් 5% ක ආරක්ෂාවක් ලබා දෙන අතර වෛරස වලින් වන ආරක්ෂාවක් නොමැත.
මේ දිනවල පවතින උසස් තත්වයේ මුඛ ආවරණ සපයා ගැනීමේ ඇති අපහසුතාවයත් නිසා මේ පවාතින සෞඛ්‍යය අවධානම අවම කර ගැනීම පිණිස රෙදි මුඛ ආවරණයක් හෝ ලේන්සුවකින් හෝ මුහුණ ආවරණය කරන ලෙස වෛද්‍යයවරු ප්‍රකාශ කරයි. මෙමගින් මේ රෝගය බෝ වීම අවම තත්වයකට පත් කල හැකි බව සෞඛ්‍යය අංශ පැහැදිලි කරයි.
Good post
ReplyDeleteThank you 😊
Delete