කොලෙස්ට්‍රොල් ගැන ඔබ නොදත් තොරතුරු…
කොලෙස්ට්‍රොල් ගැන ඔබ නොදත් තොරතුරු...
ශරීරයට අවශ්‍යය සංඝටක පවතී. එය සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි නම් රෝගී තත්වයක් බවට පත් වීමට ඇති අවස්ථාව වැඩි වේ. එවැනි සංඝටකයක් ගැන තමා අපි කතා කරන්න යන්නේ, ඒ තමා
කොලෙස්ට්‍රොල් ගැන මේ ලිපිය සියළු වැඩිහිටි සහ නොවන සියළු දෙනාට වැදගත් වේ.
කොලෙස්ට්‍රොල් යනු?
කොලෙස්ට්‍රොල් කියන්නේ අපේ සිරුරට අවශ්‍යය නොව ඉතාමත් වැදගත් සංඝටකයක් වේ. එය ඉටි වගේ ද්‍රව්‍යයක් වේ. එය ස්වභාවිකවම අපේ සිරුරේ නිෂ්පාදනය වේ.
කොලෙස්ට්‍රොල් වලින් ඉටු කරන කාර්යයන්
ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරොන් සහ සමේ විටමින් D නිපදවීමටත්, සමහර ආහාර වර්ග දිරවීමටත් කොලෙස්ට්‍රොල් අත්‍යයවශ්‍යය වේ. කොලෙස්ට්‍රොල් සෑම සෛල බිත්තියකම අනිවාර්ය සංඝටකයක් වේ.
කොලෙස්ට්‍රොල් අඩංගු ආහාර වර්ග මොනවාද?
ඊට අමතරව කොලෙස්ට්‍රොල් අප ගන්නා ආහාර වලින් ද, ලැබේ. සත්ව ආහාර සහ ට්‍රාස් මේදය අඩංගු බේකරි නිෂ්පාදන, බිස්කට් සහ මාගරින් වැනි ආහාර වලින් වේ.
අධික කොලෙස්ට්‍රොල් ශරීරයේ තැම්පත්වන ආකාරය,
අපි සංතෘප්ත හා ට්‍රාස් මේදය අඩංගු ආහාර වැඩියෙන් ගන්නා විට අක්මාව වැඩි වැඩියෙන් කොලෙස්ට්‍රොල් නිපදවීමට පටන් ගන්නව. මෙවිට රුධිරයට එකතුවන කොලෙස්ට්‍රොල් ප්‍රමාණය වැඩිගන්නව මේ. වැඩිවන කොලෙස්ට්‍රොල් එකට බැදී කැටිති වගේ සෑදෙනවා, ඒ කැටිති රුධිර නාලවල බිත්ති අතර බැදී එම ස්ථාන රුධිරය ගමන් කිරීමට අපහසුවන සේ අවහිර කරනව. ඉතින් මෙන්න මේක තමයි භයානකම.
රුධිර නාල අවහිර වීමෙන් ඇතිවෙන රෝග තත්ත්ව...
මේ කැටිති රුධිර නාලවල බිත්තියෙන් කැඩී රුධිරය හා එක්ව රුධිර කැටි සාදනවා එම කැටිති නිසා මොලේ යම් රුධිර නාලයක් අවහිර වුවහොත් එයින් ආගාධය (Stroke) කියන රෝග තත්වය ඇති වෙනවා.
ඒවගේම හෘදයට රුධිරය සපයන රුධිර නාලයක් අවහිර වුවහොත් එය හෘදයාබාධයක් ලෙස හැදින්වේ.
ඒවගේම අක්මාවේ අධික මේදය තැම්පත් වීම නිසා සිරෝසිස් රෝගයට සහ අක්මාවේ පිලිකා ඇතිවීමටත් කොලෙස්ට්‍රොල් හේතු වෙනව.
Comments
Post a Comment