Posts

කොලෙස්ට්‍රොල් ගැන ඔබ නොදත් තොරතුරු…

Image
කොලෙස්ට්‍රොල් ගැන ඔබ නොදත් තොරතුරු... ශරීරයට අවශ්‍යය සංඝටක පවතී. එය සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි නම් රෝගී තත්වයක් බවට පත්  වීමට ඇති අවස්ථාව වැඩි වේ. එවැනි සංඝටකයක් ගැන තමා අපි කතා කරන්න යන්නේ, ඒ තමා  කොලෙස්ට්‍රොල් ගැන මේ ලිපිය සියළු වැඩිහිටි සහ නොවන සියළු දෙනාට වැදගත් වේ.        කොලෙස්ට්‍රොල් යනු? කොලෙස්ට්‍රොල් කියන්නේ අපේ සිරුරට අවශ්‍යය නොව ඉතාමත් වැදගත් සංඝටකයක් වේ. එය ඉටි  වගේ ද්‍රව්‍යයක් වේ. එය ස්වභාවිකවම අපේ සිරුරේ නිෂ්පාදනය වේ.   කොලෙස්ට්‍රොල් වලින් ඉටු කරන කාර්‍යයන් ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරොන් සහ සමේ විටමින් D නිපදවීමටත්, සමහර ආහාර වර්ග දිරවීමටත්  කොලෙස්ට්‍රොල් අත්‍යයවශ්‍යය වේ. කොලෙස්ට්‍රොල් සෑම සෛල බිත්තියකම අනිවාර්ය සංඝටකයක්  වේ.   කොලෙස්ට්‍රොල් අඩංගු ආහාර වර්ග මොනවාද? ඊට අමතරව කොලෙස්ට්‍රොල් අප ගන්නා ආහාර වලින් ද, ලැබේ. සත්ව ආහාර සහ ට්‍රාස් මේදය අඩංගු  බේකරි නිෂ්පාදන, බිස්කට් සහ මාගරින් වැනි ආහාර වලින් වේ. අධික කොලෙස්ට්‍රොල් ශරීරයේ තැම්පත්වන ආකාරය, අපි සංතෘප්ත හා ට්‍රාස් මේදය අඩංගු ආහාර වැඩියෙන් ගන්නා විට අක්මාව වැඩි වැඩියෙන් කොලෙස්ට්‍රොල් නිපදවීමට පටන් ගන්නව. මෙවිට රුධිරයට එක

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්  🤓 👇 වැසි වනාන්තර ලෝකයේ පැවැත්මට ඉතා විශාල දායකත්වයක් දක්වන පද්ධතීන්. විශාල වැසි වනාන්තර මඟින් ටොන් ගණනාවක කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය ක ර ඔක්සිජන් වා තලයට මුදා හරිනවා. එමෙන්ම ඒවා තුළ ජල උල්පත් රාශියක් ආරක්ෂා වී තිබෙනවා. තව ද මේවා සත්ත්ව විශේෂයන් රාශියකට ජීවත් වන්නට නිවහනකුත්, රැකවරණයත් සලසනවා. මේ සටහන ලොව විශාලතම වැසි වනාන්තර අතුරින් ලොව වඩා කතාබහට ලක් වෙන 6ක් පිළිබඳව යි. 👉  ඇමසන් වැසි වනාන්තරය  🌳 ඇමසන් වැසි වනාන්තරය ලොව විශාලතම වැසි වනාන්තරය යි. මෙය දකුණු ඇමෙරිකා මහාද්වීපයේ ඇමසන් ද් ‍ රෝණියේ වැඩි කොටසක් වසාගෙන පැතිරී තිබෙනවා. මෙහි භූමි වපසරිය අක්කර බිලියන 1.7කටත් වඩා අධික යි. මෙම වැසි වනාන්තරය බ් ‍ රසීලය, පීරු, කොලොම්බියා, වෙනසුවේලා, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය, හා ප් ‍ රංශ ගයනාව යන රටවල්වල කොටස් වසාගනිමින් පැතිරී තිබෙනවා. මෙම වනාන්තරයෙන් 60%ක් පවතින්නේ බ් ‍ රසීලය තුළ යි. බ් ‍ රසීල ඇමසන් වනය සති 4ක පටන් තවමත් දැවෙමින් පවතිනවා. බ් ‍ රසීල ජනපතිගේ ක් ‍ රියාකලාපය මෙයට වගකිව යුතු බව ලොව වටා පරිසරවේදීන් සහ පරසර සංවිධානයන් චෝදනා කරනවා. 👉  

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

Image
මා විසින් ලංකාවේ පවතින සහ ඉදිවෙමින් පවතින බලාගාරයක් වන සූර්ය විදුලි බලාගාර පිලිබඳ ලිපි දෙකක් ඉදිරිපත් කලා එම ලිපි දෙක කියෙවුවෙ නැත්තන් පහත ලින්ක් එක දාල තියෙනවා කියවල බලන්න. අද මම ඉදිරිපත් කරන්න හිතුවා තවත් වැදගත් වෙන විදුලි බලාගාරයක් වන ගල් අගුරු බලාගාරය ගෙන, ලංකාවේ විශාලතම  බලාගාරය  ලෙස හැදින්වෙන නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය හෙවත් ලක්විජය බලගාරය ගෙන ලිපියක්, මෙම බලාගාරය පිහිටා තිබෙන්නේ නොරොච්චෝලේ, පුත්තලමේ දකුනෙන් කල්පිටිය පෙනින්සුලම ප්‍රදේශයේ වේ. මෙම බලාගාරය නිර්මාණය කරන්නේ 2006 මැයි 11 වන අතර පලමු කොටස නිමා කෙරුනේ 2011 මාර්තු 22 වේ. එහි පලමුවෙන් සාර්ථකව මෙගාවොට් 300 ක් මුදා හැරි අතර එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවිය. අවසන් අදියර හෙවත් තුන්වන අදියර නිමා වුයේ 2014 සැප්තැම්බර් මාසයේ වේ.මෙම බලාගාරයෙන් මුළු විදුලිය මෙගාවොට් 900 ක් නිශ්පාදනය කෙරේ. මෙම සමස්ත ධාරිතාව අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ රැහැන් හරහා අනුරාධපුරයෙන් හා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ වේ.   ගල් අඟුරු  බලාගරයෙන්, විදුලිය නිශ්පාදනය කරන්නේ හුමාල ටර්බයින භාවිතා කරමින් අතර, මෙයින්

ශ්‍රී ලංකාවේ පලමුවෙන් කක්ෂ ගතවු චන්ද්‍රිකාව

Image
ඊයේ දිනය එනම් අප්‍රේල් 22 වැනි දින ලෝක මිහිකත දිනයත් සමග නැවතත් රාවනා I චන්ද්‍රිකාව ගෙන කතා බහට ලක් වුනා ඒ සමග මට හිතුන රාවනා චන්ද්‍රිකාව පිළිබද පොඩි සටහනක් තබන්න. රාවනා 1 හෙවත් ලංකාවේ පළමු චන්ද්‍රිකාව නිෂ්පාදනය කරනු ලැබුවේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පිඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යන් දෙදෙනෙක් විසිනි, ඔවුන් තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ වේ. ඔවුන් දෙදෙනා ජපානයේ කියුෂු අධ්‍යාපනික ආයතනයේ අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හදාරමින් සිටින විට මෙම අත්හදා බැලීම සිදුකර තිබෙන අතර මෙම චන්ද්‍රිකාව ජපානයේ ඔවුන් අධ්‍යනය යෙදී සිටින ආයතනයේදී නිර්මාණය සහ  නිෂ්පාදනය කර ඇත. මෙය ඉන්පසු ජපානයේ  Aerospace Exploration Agency ආයතනයට, 18 පෙබරවාරි 2019 බාර දෙන ලදී. රාවනා චන්ද්‍රිකාව 2019 අප්‍රේල් 17 වෙනි දින  International space station මුදා හැර ඇත්තේ ඇමරිකාවේ  Cygnus NG-11   හි කොටසක්  වශයෙන්, මෙම චන්ද්‍රිකාව  400km ක් උසකින් 2019 ජුනි 17 වෙනිදා සාර්ථකව  කක්ෂ ගතවිය. මෙම චන්ද්‍රිකාවේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1000ක් වන අතර බර 1.1kg වේ. මෙම චන්ද්‍රිකාව අවුරුදු  එකහමාරක් වෙනි ආයු කාලයක් බව සඳහන

ඉතිහාසයේ ප්‍රථම වරට බොර තෙල් මිල ඍණ අගයක් ගැනීමට හේතුව?

Image
ආර්ථික විද්‍යාවේ ඍණ  තෘප්තියක් හෙවත් ඍණ උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් නීච භාන්ඩ ලෙස හදුන්වයි.මේවා ඉවත් කිරීමට මිලක් ගෙවීමට මිනිසුන් සූදානම් ය. නිදසුන් - කැළි කසළ  සැපයුම, ඉල්ලුම සහ ගුණාත්මකභාවය වැනි සාධක මත පදනම්ව බොරතෙල් බැරලයක මිල වෙනස් වේ. Covid 19 වයිරසය නිසා බොරතෙල් ලීටර් බිලියන ගණනක පරිභෝයනය අඩු වූ බැවින් ඉන්ධන සැපයුම ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩි විය. අතිරික්ත සැපයුම නිසා, තෙල් ගබඩා ටැංකි පිරී ඇති බැවින් අවකාශය සොයා ගැනීම අපහසුය. එක්සත් ජනපද නල මාර්ග ජාලයේ හදවත වන ඔක්ලහෝමා හි කුෂින් හි ගබඩා කිරීම අප්‍රේල් 10 වන විට  72%ක් පමණ පිරී ඇත.නිව් යෝර්ක් හි මිෂුහෝ හි එය 100% ආසන්න මට්ටමේ පවතී.මෙහිදී තවදුරටත් ගබඩා පහසුකම් නොමැති නිසා වෙළඳ භාණ්ඩයේ මිල තවත් එලදායී නොවේ.  අතිරික්ත තොග මෙලෙස මුදල් ගෙවා බෙදා හරින්නන්ට ලබා දෙන නිසා බොර තෙල් බැරලයක වෙළදපල මිල ඍණ(-) අගයක් බවට පත්වී ඇත. -උපුටා ගැනීමක්-

Lyrids උල්කාපාත වර්ශාව

Image
ගොඩක් දෙනා දන්න, මේ දිනවල කතා බහට ලක්වන ලයිරිඩ්ස් උල්කාපත වර්ශාව ගෙන ලිපියක් ඉදිරිපත් කරන්න මම හිතුවා, මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා ඊයේ එනම් අප්‍රේල් 16 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ලයිරිඩ්ස් (Lyrids) නම් උල්කාපාත වර්ශාව  දිස්වන බවත් මෙයින් අප්‍රේල් 22 වැනි දින උපරිමයෙන් මේ අවස්තාව දිස්වන බව ප්‍රකාශ කර ඇත.               තවදුරටත් මහාචාර්ය තුමා ප්‍රකාශ කරනවා උල්කාපාත වර්ශාව ඉතා හොඳින් දිස්වන්නේ උදෑසන හිරු නැගීමට පෙර පැය කීපය තුල බව, උදෑසන හිරුත් සමඟ බ්‍රහස්පති (Jupiter), සෙනසුරු (Saturn) සහ අඟහරු(Mars) යන ග්‍රහයන්ට ආසන්නයෙන්, ඉහලින් සහ බුධ ග්‍රහයාට ඉහලින් උතුරු ක්ෂිතජයේ දිස්වේ. මෙම දීප්තිමත් ලයිරිඩ්ස් (Lyrids) නම් උල්කාපතය පැමිණෙන්නේ ලයිරා(Lyra) නම් තාරකා මණ්ඩලයේ සහ මෙය වේග(Vega) නම් නිල්පාට දීප්තිමත් තාරකාව හරහා වේ.  අප්‍රේල් 16-25 යන දිනවල සුළු උල්කාපාත දැකිය හැකි නමුත් අප්‍රේල් 22 උතුරු අහසේ මුණ ගැසෙනවා ඝන උල්කාපත වර්ශාවක්, මෙම උල්කාපත පතිත වීම වැඩි වෙනවා පැයකට 5-20 අතර බව මහාචාර්ය තුමා ප්‍රකාශ කර ඇත. 17 වැනිදාය

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිලිබඳ තොරතුරු බිඳක්...

Image
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් 2011 ජුලි මස සිට කොලඹ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ සහ ආවරණ වන පරිදි 2006/07 පදනම් වර්ෂය ලෙස සලකා කොලඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කරන ලදී. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකයවන අතර එය 2015 නොවැම්බර් මස සිට මාසිකව අදාල ලිත් මාසය අවසන් වී දින 21කට පසු පත්කරනු ලැබේ.  නව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ බර තැබිම 2012/13 වර්ෂයේ පාරිභෝගිකයාගේ වියදම් රටාව පිලිඹිමු වන ආකාරයට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයන්ට  අනුව සකස් කර ඇත. පාරිභෝගික මිල දර්ශකයක් මගින් ලැබෙන ප්‍රයෝජන, පරිභෝජන කරනු ලබන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වල සාමන්‍යය වෙනස් වීම මැනීමේ මිනුම් දර්ශකයක් ලෙස හා උද්ධමනය මැනීමේ මූලික මිනුමක් ලෙස මෙය භාවිතා කරයි. සමාජ ආර්ථික දත්ත විශ්ලේෂණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් ප්‍රධාන වශයෙන් මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් වැටුප් හා මූල්‍යමය ආදායම් උපනතින් (tendency) විශ්ලේෂණය මගින් වැටුප් ගැලපීම් සඳහාද පාරිභෝගික මිල දර්ශකය උපයෝගී කර ගනී. ජාතික ආ