Posts

Showing posts from April, 2020

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

Image
මා විසින් ලංකාවේ පවතින සහ ඉදිවෙමින් පවතින බලාගාරයක් වන සූර්ය විදුලි බලාගාර පිලිබඳ ලිපි දෙකක් ඉදිරිපත් කලා එම ලිපි දෙක කියෙවුවෙ නැත්තන් පහත ලින්ක් එක දාල තියෙනවා කියවල බලන්න. අද මම ඉදිරිපත් කරන්න හිතුවා තවත් වැදගත් වෙන විදුලි බලාගාරයක් වන ගල් අගුරු බලාගාරය ගෙන, ලංකාවේ විශාලතම  බලාගාරය  ලෙස හැදින්වෙන නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය හෙවත් ලක්විජය බලගාරය ගෙන ලිපියක්, මෙම බලාගාරය පිහිටා තිබෙන්නේ නොරොච්චෝලේ, පුත්තලමේ දකුනෙන් කල්පිටිය පෙනින්සුලම ප්‍රදේශයේ වේ. මෙම බලාගාරය නිර්මාණය කරන්නේ 2006 මැයි 11 වන අතර පලමු කොටස නිමා කෙරුනේ 2011 මාර්තු 22 වේ. එහි පලමුවෙන් සාර්ථකව මෙගාවොට් 300 ක් මුදා හැරි අතර එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවිය. අවසන් අදියර හෙවත් තුන්වන අදියර නිමා වුයේ 2014 සැප්තැම්බර් මාසයේ වේ.මෙම බලාගාරයෙන් මුළු විදුලිය මෙගාවොට් 900 ක් නිශ්පාදනය කෙරේ. මෙම සමස්ත ධාරිතාව අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ රැහැන් හරහා අනුරාධපුරයෙන් හා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ වේ.   ගල් අඟුරු  බලාගරයෙන්, විදුලිය නිශ්පාදනය කරන්නේ හුමාල ටර්බයින භාවිතා කරමින් අතර, මෙයින්

ශ්‍රී ලංකාවේ පලමුවෙන් කක්ෂ ගතවු චන්ද්‍රිකාව

Image
ඊයේ දිනය එනම් අප්‍රේල් 22 වැනි දින ලෝක මිහිකත දිනයත් සමග නැවතත් රාවනා I චන්ද්‍රිකාව ගෙන කතා බහට ලක් වුනා ඒ සමග මට හිතුන රාවනා චන්ද්‍රිකාව පිළිබද පොඩි සටහනක් තබන්න. රාවනා 1 හෙවත් ලංකාවේ පළමු චන්ද්‍රිකාව නිෂ්පාදනය කරනු ලැබුවේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පිඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යන් දෙදෙනෙක් විසිනි, ඔවුන් තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ වේ. ඔවුන් දෙදෙනා ජපානයේ කියුෂු අධ්‍යාපනික ආයතනයේ අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හදාරමින් සිටින විට මෙම අත්හදා බැලීම සිදුකර තිබෙන අතර මෙම චන්ද්‍රිකාව ජපානයේ ඔවුන් අධ්‍යනය යෙදී සිටින ආයතනයේදී නිර්මාණය සහ  නිෂ්පාදනය කර ඇත. මෙය ඉන්පසු ජපානයේ  Aerospace Exploration Agency ආයතනයට, 18 පෙබරවාරි 2019 බාර දෙන ලදී. රාවනා චන්ද්‍රිකාව 2019 අප්‍රේල් 17 වෙනි දින  International space station මුදා හැර ඇත්තේ ඇමරිකාවේ  Cygnus NG-11   හි කොටසක්  වශයෙන්, මෙම චන්ද්‍රිකාව  400km ක් උසකින් 2019 ජුනි 17 වෙනිදා සාර්ථකව  කක්ෂ ගතවිය. මෙම චන්ද්‍රිකාවේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1000ක් වන අතර බර 1.1kg වේ. මෙම චන්ද්‍රිකාව අවුරුදු  එකහමාරක් වෙනි ආයු කාලයක් බව සඳහන

ඉතිහාසයේ ප්‍රථම වරට බොර තෙල් මිල ඍණ අගයක් ගැනීමට හේතුව?

Image
ආර්ථික විද්‍යාවේ ඍණ  තෘප්තියක් හෙවත් ඍණ උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් නීච භාන්ඩ ලෙස හදුන්වයි.මේවා ඉවත් කිරීමට මිලක් ගෙවීමට මිනිසුන් සූදානම් ය. නිදසුන් - කැළි කසළ  සැපයුම, ඉල්ලුම සහ ගුණාත්මකභාවය වැනි සාධක මත පදනම්ව බොරතෙල් බැරලයක මිල වෙනස් වේ. Covid 19 වයිරසය නිසා බොරතෙල් ලීටර් බිලියන ගණනක පරිභෝයනය අඩු වූ බැවින් ඉන්ධන සැපයුම ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩි විය. අතිරික්ත සැපයුම නිසා, තෙල් ගබඩා ටැංකි පිරී ඇති බැවින් අවකාශය සොයා ගැනීම අපහසුය. එක්සත් ජනපද නල මාර්ග ජාලයේ හදවත වන ඔක්ලහෝමා හි කුෂින් හි ගබඩා කිරීම අප්‍රේල් 10 වන විට  72%ක් පමණ පිරී ඇත.නිව් යෝර්ක් හි මිෂුහෝ හි එය 100% ආසන්න මට්ටමේ පවතී.මෙහිදී තවදුරටත් ගබඩා පහසුකම් නොමැති නිසා වෙළඳ භාණ්ඩයේ මිල තවත් එලදායී නොවේ.  අතිරික්ත තොග මෙලෙස මුදල් ගෙවා බෙදා හරින්නන්ට ලබා දෙන නිසා බොර තෙල් බැරලයක වෙළදපල මිල ඍණ(-) අගයක් බවට පත්වී ඇත. -උපුටා ගැනීමක්-

Lyrids උල්කාපාත වර්ශාව

Image
ගොඩක් දෙනා දන්න, මේ දිනවල කතා බහට ලක්වන ලයිරිඩ්ස් උල්කාපත වර්ශාව ගෙන ලිපියක් ඉදිරිපත් කරන්න මම හිතුවා, මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා ඊයේ එනම් අප්‍රේල් 16 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ලයිරිඩ්ස් (Lyrids) නම් උල්කාපාත වර්ශාව  දිස්වන බවත් මෙයින් අප්‍රේල් 22 වැනි දින උපරිමයෙන් මේ අවස්තාව දිස්වන බව ප්‍රකාශ කර ඇත.               තවදුරටත් මහාචාර්ය තුමා ප්‍රකාශ කරනවා උල්කාපාත වර්ශාව ඉතා හොඳින් දිස්වන්නේ උදෑසන හිරු නැගීමට පෙර පැය කීපය තුල බව, උදෑසන හිරුත් සමඟ බ්‍රහස්පති (Jupiter), සෙනසුරු (Saturn) සහ අඟහරු(Mars) යන ග්‍රහයන්ට ආසන්නයෙන්, ඉහලින් සහ බුධ ග්‍රහයාට ඉහලින් උතුරු ක්ෂිතජයේ දිස්වේ. මෙම දීප්තිමත් ලයිරිඩ්ස් (Lyrids) නම් උල්කාපතය පැමිණෙන්නේ ලයිරා(Lyra) නම් තාරකා මණ්ඩලයේ සහ මෙය වේග(Vega) නම් නිල්පාට දීප්තිමත් තාරකාව හරහා වේ.  අප්‍රේල් 16-25 යන දිනවල සුළු උල්කාපාත දැකිය හැකි නමුත් අප්‍රේල් 22 උතුරු අහසේ මුණ ගැසෙනවා ඝන උල්කාපත වර්ශාවක්, මෙම උල්කාපත පතිත වීම වැඩි වෙනවා පැයකට 5-20 අතර බව මහාචාර්ය තුමා ප්‍රකාශ කර ඇත. 17 වැනිදාය

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිලිබඳ තොරතුරු බිඳක්...

Image
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් 2011 ජුලි මස සිට කොලඹ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ සහ ආවරණ වන පරිදි 2006/07 පදනම් වර්ෂය ලෙස සලකා කොලඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කරන ලදී. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකයවන අතර එය 2015 නොවැම්බර් මස සිට මාසිකව අදාල ලිත් මාසය අවසන් වී දින 21කට පසු පත්කරනු ලැබේ.  නව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ බර තැබිම 2012/13 වර්ෂයේ පාරිභෝගිකයාගේ වියදම් රටාව පිලිඹිමු වන ආකාරයට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයන්ට  අනුව සකස් කර ඇත. පාරිභෝගික මිල දර්ශකයක් මගින් ලැබෙන ප්‍රයෝජන, පරිභෝජන කරනු ලබන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වල සාමන්‍යය වෙනස් වීම මැනීමේ මිනුම් දර්ශකයක් ලෙස හා උද්ධමනය මැනීමේ මූලික මිනුමක් ලෙස මෙය භාවිතා කරයි. සමාජ ආර්ථික දත්ත විශ්ලේෂණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් ප්‍රධාන වශයෙන් මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් වැටුප් හා මූල්‍යමය ආදායම් උපනතින් (tendency) විශ්ලේෂණය මගින් වැටුප් ගැලපීම් සඳහාද පාරිභෝගික මිල දර්ශකය උපයෝගී කර ගනී. ජාතික ආ

මුඛ ආවරණ ( Mask )

Image
දැනට ලෝකයේ මහත් ආනදෝලනාත්මක මාතෘකවක් වන COVID 19 වෛරසයත් සමඟ මුඛ ආවරණ භාවිතය පිලිබඳව බොහෝ දෙනාගේ අවදානයට යොමුවී තිබෙනවා. මෙයට හේතුව ප්‍රධාන වශයෙන් මෙම රෝගය ව්‍යාපත වන්නේ රෝග වාහක මිනිසාගේ ඛේටය මගින් යැයි සොයා ගෙන තිබෙනවා. එම රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුඛ ආවරණයක් පලදින ලෙස සෞඛ්‍යය අංශ මගින් දැනුවත් කර තිබෙනවා. ඔබ දන්නවාද ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ පිලිබඳව, ඒ ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණයකින් වන කාර්ය කෙටියෙන් මා මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නම්, N95 Mask මෙම මුඛ ආවරණය ප්‍රමිතියෙන් ඉහලම මුඛ ආවරණයකි, මෙමගින් වෛරස වලින් ආරක්ෂා වීම 95%ක් ද, බැක්ටීරියා හා දුවිලි අංශු වලින් 100% ක ආරක්ෂාවක් මෙම මුඛ ආවරණයෙන් ලබා දේ.                                   Surgical Mask මෙම මුඛ ආවරණයද ප්‍රමිතියෙන් උසස් මුඛ ආවරණයක් වේ. මෙම මුඛ ආවරණය  වෛරස වලින් ආරක්ෂා වීම 95%ක් වන අතර , බැක්ටීරියා හා දුවිලි අංශු වලින් 80% ක ආරක්ෂාවක් ලබා දේ. FFP1 Mask මෙම මුඛ ආවරණයද surgical mask එකේ ප්‍රමිතියෙන් යුක්ත වේ. මෙම මුඛ ආවරණ තුනම ප්‍රමිතියෙන් උසස් සෞඛ්‍යය අංශ අනුමත කරන  මුඛ ආවරණ වේ. Activ

මුතුරාජවෙළ තෙත් බිම ගෙන ඔබ නොදත් දේ ..............

Image
 ගම්පහ දිස්ත්‍රික්කයට අයත්, හෙක්ටයාර 1285 ක් පුරා පැතිරුනු මුතුරාජවෙල අභය භූමිය ඉතා ඉහල ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි. ලන්දේසින් විසින් නිර්මාණය කරන ලද මෝඩ ඇල ඔස්සේ කරදිය ගලා ඒම නිසා එම කාලයේ තිබු කුඹුරු යාය නිසරු වී ඇත. මෙම මුතුරාජවෙල භූමිය බටහිර වෙරළ තීරය තුල පැතිරුණු උතුරින් මීගමු කලපුවත්, දකුණින් කැළණි ගඟත්, බටහිරින් වෙරළ තීරයත් හා නැගෙනහිරින් කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයෙන්ද සීමා මායිම්ව ඇත. මෙම කිවුල් දියට ආවෙණික වු කඩොලාන පරිසරයකින්ද, දේශීය විදේශිය පක්ශින් හා උභය ජීවීන් කෘමි විශේෂ හා ජලජ පැලෑටි වලින් ස්වයං පෝෂිත වේ. මෙම ප්‍රදේශයේ මත්ස්‍යයින් හා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරයි. එම නිසා මෙම ප්‍රදේශය ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයට ඉතා හොඳ දායකත්වයක් ලබා දෙයි. ඉතාම ජනා කීර්ණ ප්‍රදේශයක් වන කොළඹ නගරයට හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙළ තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයටද ඍජු දායකත්වයක් ලබා දෙයි.  හැමිල්ටන් ඇළ සහ ඕලන්ද ඇළ මෙම ප්‍රධාන ඇල මාර්ග දෙක මුතුරාජවෙල ඔස්සේ ගමන් කරයි. මේ නිසා මේ ප්‍රදේශයේ සොබා සෞන්ධර්ය තවත් වැඩි කර දෙයි. ද්‍රෝණි

මුතුරාජවෙල ජෛවීය වශයෙන් වැදගත් කම

Image
මුතුරාජවෙල ජෛවීය විවිධත්වය මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරයි. මහ කඩොල් මණ්ඩ ගිංපොල් කැරැන් කොකු තෙල කීරිය,බැරිය, කටු ඉකිලිය වැනි කඩොලාන විශේෂ කිහිපයක් මෙම තෙත් බිමෙන් හමුවන අතර, තවද කඩොලාන ශාක විශේෂ 29ක් හා ඒ අශ්‍රිත ශාක විශේෂ 15ක් ද දැනට හදුනා ගෙන ඇත. මඩකකුළුවා, මඩ පොකිරිස්සා කලිස්සා මට්ටි යන සතුන්ද, දිමිත්තා, කපු හැන්දා, ඉලත්ති, හැලිවලං කොස්සා, කහකොරලියා ආදී විශේෂ මත්ස්‍යයන් දැකිය හැකිවේ. මුතුරාජවෙල කුරුල්ලන් විශේෂ 221 ක් දැකිය හැකි අතර එයින්,    වාර්තා නොවු කුරුළු විශේෂ 136ක්    වාර්තා වන කුරුළු විශේෂ 85ක්    තර්ජනයට ලක් වු විශේෂ 4ක් කඩොල් කොකා, ඇලි කොකා, මුහුදු ලිහිණියා, සිලිබිල්ලන් යන පක්ෂින් ඒ ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ඇති අතර තවද, සංක්‍රමණික පක්ෂින් අතර නිල් පෙඳ බිගුහරයා, වගුරු සිලිබිල්ලා, සේරුවා, කැස්පියන්, මුහුදු ලිහිණියා, අවිච්චියා ආදී පක්ෂින්  විශේෂ දැකිය හැකිවේ. මුතුරාජවෙල වෙසෙන උරග විශේෂ 37 ක්  ඉබ්බන් විශේෂ 2 ක්ද, කිරි ඉබ්බා හා ගල් ඉබ්බා වේ, තවද ගැට කිඹුලා තවත් එක් විශේෂයකි. වගුරු බිම් තුල සර්ප විශේෂ 22 ඉන් ශ්‍රී ලංකාවට ආවේණි